වැඩකට නැති රාජ්‍ය වතු පෞද්ගලික අංශයට


(අංජුල මහික වීරරත්න සමඟ සුජිත් හේවාජුලිගේ)

ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"වැවිලි බෝග වල ඉරණම බාරගන්නට අප රජයේ සූදානම්. පොල් නිෂ්පාදනය පහළ යන්න කොතන හෝ සැලසුම් වල වරදක් තිබෙනවා.දේශපාලනය හරියට මෙහෙයවූයේ නැති වුනාම මේක හරියට කරගන්න බෑ.දක්ෂ නිලධාරීන් ඉන්නවා. හැබැයි හරි ප්‍රතිපත්තියක් හදා හොඳ මෙහෙයවීමක් කළොත් මේ ක්ෂේත්‍ර උඩට ගන්න පුළුවන්.

පොල් කර්මාන්තය ඉස්සරහට ගේන්න වසර දහයක සැලැස්මක් අප හදනවා.එමෙන්ම ජාතික වැවිලි ප්‍රතිපත්තියක් හදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. පොල් කර්මාන්තයේ දස අවුරුදු සැලසුමක් හදනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.