වැරදීමකින්, පාකිස්තානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ.
එය තාක්ෂණික දෝෂයක් නිසා සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් බවත්, ඒ ගැන දැඩි ලෙස කනගාටුවන බවත් ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය පාකිස්තානයට දන්වා ඇත.
මෙම 'අත්වැරදීම' සිදුවී ඇත්තේ පසුගිය මාර්තු 9 වැනිදාය. ඒ, මිසයිල පද්ධති අලුත්වැඩියා කරද්දී සිදුවුණු තාක්ෂණික දෝෂයක් නිසා බව ද ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විදිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ. මිසයිල ප්‍රහාරයෙන් පාකිස්තානයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. දේපොල හානියක් ද සිදුවී නැත.
පාකිස්තාන හමුදාව පවසන පරිදි මිසයිලය පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වී කිලෝ මීටර් 100 ක දුරක් ගමන් කර තිබේ. ඒ, අඩි 40,000 ක් ඉහළින් ශබ්දයට වඩා තුන් ගුණයක වේගයකිනි. මිසයිලයට කිසිදු යුද ශීර්ෂයක් (පුපුරන ද්‍රව්‍ය) සම්බන්ධ කර නොතිබුණු බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)