වැලන්ටයින් දා පැරණි පෙම සිහිකර කැරපොත්තන් නම් කෙරේ


‘වැලන්ටයින් දිනය’ වෙනුවෙන්, සිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, කැරපොත්තකු නම් කිරීමේ වැඩසටහනක් අද (14) ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්තෝනියෝ සත්වෝද්‍යානයේ ක්‍රියාත්මක වෙයි.

සිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, නම් කෙරෙන කැරපොත්තා, කැරපොත්තන් ආහාරයට ගන්නා සත්වෝද්‍යානයේ වෙනත් සතකුට කෑමට දීම ද සිදුවෙයි. ඒ, කැරපොත්තාගේ නම කියමින්, නම් තැබූ තැනැත්තා ඉදිරියේය.

සිත රිදවා, හැර ගිය පෙමට මෙසේ නම් තැබීමේ සඳහා මුදලක් අය කෙරේ. ඒ ඇමෙරිකන් ඩොලර් 5 ක් හෝ 25 ක් අතර මුදලකි. මෙම මුදල සත්වෝද්‍යානයේ නඩත්තු කටයුතු සඳහා යෙදවෙයි.

කැරපොත්තාට නම් තැබීමෙන් පසු ඩිජිටල් වැලන්ටයින් කාඞ්පතක් ලබා දීමට ද සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර ඇත. ඊට අතරව, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතියගේ දුරකතන අංකය ඇති නම් ඊට ද ඩිජිටල් පණිඩුයක් යැවෙයි. ඒ, සත්වෝද්‍යානය කැරපොත්තකු නම් කළ බව දැනුම් දෙමිනි.

(බීබීසී)