වැලිගම හෝටල් සිද්ධියේ අනෙක් හය දෙනාත් බාරවේ


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ අනෙක නිලධාරීහු 6 දෙනා මාතර අධිකරණයට මෝසකම් මගින් අද පෙරවුරුවේ ඉදිපත් වූහ.

මෙම වෙඩි තැබීමට අදාලව  එවක පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළුව කොළඹ අපරාධ කොට්ඨාසයේ  මෙම නිලධාරීන්  අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත් දා  නියෝගයක් ලබා දුන්නේය.

දින 19ක් තිස්සේ අධිකරණය මඟහැර සිටි අනිවාර්ය නිවාඩු ගිය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කළේය.