වැව හාරන මුවාවෙන් පලාගල, පරවහගම, රත්මල්ගහවැව හාරා වැලි ගොඩ දමතියි ගැමියෝ කියති.
යන්ත්‍ර සුත්‍ර යොදා වළවල් හැරිමෙන් පස් සේදීම නිසා සතෙකුට හෝ වැවට පැමිණීමට නොහැකිව ඇතැයි කියති. වසර දෙකකට ආසන්න කාලයක් මේ වැව හාරන බවත් රොන් මඩ වලින් වැව පිරී ඇති බවත් ගොවිතැනට සතා සිව්පාවාට ජලය අහිමි කිරීමද වැවේ තිබුණු ඉපැරණි වටිනා ගස් කොළන් විනාශ කිරීම බව ගොවිහු පවසති.
මේ කොන්ත්‍රාත්කරුවන් රක්ෂිතය හෙළිකොට වැලි ගබඩාව හා වැලි බෙදාහැරීම් ස්ථානය පවත්වාගෙන යන තැනට ගොස් එහි සිටි නිලධාරියකුගෙන් විමසීමේදී කිවේ මධ්‍යම රජය හා පළාත් සභාව මගින් කාල නිර්ණයකින් තොරව මේ වැවේ වැලි ලබාගැනීමටත් පසුව වැව ඉදිකර අලුත්වැඩියා කර දීමට අවසරය ලබාදී ඇති බවය.