(අංජුල මහික වීරරත්න)
පානදුර විදුලි උප පොලේ ප්‍රශ්නය නිසා දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය රුපියල් කෝටි 830 ක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජාතික ජන බලවේග ආණ්ඩුව මෙම පාඩුව පියවා ගැනීමට උත්සාහ කරන්නේ මැයි 6 වැනිදා පුංචි ඡන්දයෙන් පසු විදුලිය ගාස්තු ඉහළ නැංවීමෙන් බව ද රණවක මහතා කීය.
‘පැන්සල’ ලකුණින් හෝමාගම ප්‍රාදේශීය සභා මැතිවරණය ට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ පැවති ජනහමුවට එක්වෙමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.
"මේ වඳුරෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. කීයද පාඩුව? කෝටි 830 ක්. එතකොට කවුද මේවා ගෙවන්න යන්නේ? මතක තියාගන්න. මේ පාඩුව ගෙවන්න වෙන්නේ අපිට.මැයි හය වැනිදායින් පස්සේ විදුලි ගාස්තුව වැඩි කරලා ඒ පාඩුව පියවගන්න යන්නේ යනුවෙන්ද රණවක මහතා කීය.