විනෝද චාරිකාව අතරමග නවතී


(සුරංග රාජනායක සහ  ඩබ්ලිව්. අසේල)

විනෝද චාරිකාවක් යමින් සිටි ගලහා වෙදහැට ජනපදයේ පදිංචි තරුණ පිරිසක් රැගත් ත්‍රී රෝද රථයක් ගලහා නගරය ආසන්නයේදී පාරෙන් ඉවතට පැන නිවසක් තුළට පෙරළී යාමෙන් එහි ගමන් ගත් තරුණයකු මිය ගොස් තුවාල ලැබූ තිදෙනකු ගලහ රෝහලට ඇතුලත් ගතකර ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ උඩුදෙනිය ගෙදර කවිඳු රෝෂාන් ප්‍රේමවන්ශ නමැති 24 හැවිරිදි අවිවාහක තරුණයකි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යාමට සූදානම්ව  ගලහා නගරයට   ත්‍රිරෝද රථයෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

ත්‍රිරොද රියැදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බව පරීක්ෂණ පවත්වන ගලහ පොලිසිය පවසයි.