විපතට පත්වූවන් වෙනුවෙන් ජැකලින් පෙරමුණට


පසුගිය කාලය තුළ ඇතිවූ අයහපත් කාලගුණය නිසා විපතට පත්වූ ජනතාවට උදව් කිරීම සඳහා ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළිය වන ජැක්ලින් ෆර්නැන්ඩස් ඉදිරිපත්ව සිටිනවා. 'Habitat for Humanity' වෙබ් අඩවිය ඔස්සේ මේ පිළිබඳව සඳහන් කර තිබෙනවා. ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් සමග එක්වී විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට උපකාර කිරීමට ඉදිරිපත් වන ලෙසයි.

මේ වනවිට මෙම වෙබ් අඩවිය සඳහා ලැබී ඇති ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 420ක් වන අතර, ඔවුන්ගේ ඉලක්කය ඇමෙරිකානු ඩොලර් 100,000ක් බවත් ඒ සඳහා ඔවුන්ට තවත් ඇමෙරිකානු ඩොලර් 99,580 ක් මුදලක් අවශ්‍ය බවද සඳහන් කරනවා. 

20160526Jaquline-1