හොලිවුඩ් නළු විල් ස්මිත්, විකට නළු ක්‍රිස් රොක් ට අතුල් පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් පොලිසිය විල් ස්මිත් අත් අඩංගුවට ගැනීමට සුදානම් වූ බව ඔස්කාර් නිෂ්පාදක විල් පැකර් පවසයි.
කෙසේ නමුත්, ක්‍රිස් රොක් විසින් විල් ස්මිත් ට එරෙහිව චෝදනා ගොනු කිරීමට අකමැති වූ බැවින්, එවැන්නක් සිදු නොවනු ඇතැයි ද නිෂ්පාදක විල් පැකර් සදහන් කර තිබේ.
94 වෙනි ඔස්කාර් සම්මාන උළලේදී හිස කෙස් ගැලවී යන රෝගයකින් පීඩා විඳින විල් ස්මිත් ගේ බිරිඳට නිවේදක ක්‍රිස් රොක් විසින් කොණ්ඩය උපුටා දක්වමින් අනවශ්‍ය විහිළු සිදු කිරීම හේතුවෙන් වේදිකාවට නැගි විල් ස්මිත් ක්‍රිස් රොක් හට අතුල් පහරක් එල්ල කළේය.
පොලිසියේ චෝදනා ගොනු කිරීමට ක්‍රිස් රොක් අකමැති වුවත් ඔස්කාර් සංවිධායක කමිටුව විසින් අප්‍රේල් 18 වෙනි දින විල් ස්මිත්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතව ඇත.
(රොයිටර්)