(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෑත කාලයේ විශේෂඥ වෛද්‍යවරුන් 195 ක් රට හැර ගිහින් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"සෞඛ්‍ය ඩිජිටල්කරණය සඳහා අයවැය මුදල් වෙන්කර තිබෙනවා.ඒක හොඳ තීරණයක්.සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ගොඩ නගන්න නම් අලුත් තාක්ෂණය සමඟ යා යුතුයි.රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය වැදගත් වෙනවා.එමෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවයට මුදල් වෙන් කිරීම අප අගය කරනවා.වසංගත රෝගී තත්ත්වයන්ට මුහුණ දීම සඳහාද අයවැයෙන් මුදල් වෙන්කර තිබෙනවා. එයද අගය කළ යුතුයි.
හොඳ දේවල් වලට හොඳයි කියන්න අප කුහක වන්නේ නැහැ.
එදා අප සුව සැරිය අරඹන කොට බිල්ලන් මැව්වා.රෝ ඔත්තු සේවය එන බව කිව්වා.නමුත් සුවසැරිය හරහා ජීවිත ලක්ෂ ගානක් බේරාගෙන තිබෙනවා යනුවෙන්ද කාවින්ද ජයවර්ධන මහතා කීය.