(උපාලි ආනන්ද)
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එන්.කේ ජයවීර මහතාට අද සවස නියෝග කළේය.
වෛද්‍යවරියගෙන් සොරා ගත් බව කියන ජංගම දුරකතනයෙන් ගත් සහ ලැබුණු ඇමැතුම් ගන වාර්තාවක් ලබා දෙන ලෙස ඩයලොග් සමාගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණ හමුවේ සිදු කළ කරුණු දැක්වීමෙන් පසුවය.