ශ්‍රද්ධාගේ වාසනාව


ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපට ත්‍රිත්වයම ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයා ගන්නට සමත් වුණා. බොලිවුඩයේ නවක නිළියක් දායක වූ බොලිවුඩ් චිත්‍රපට තුනක් අඛණ්ඩවම මෙවැනි ආදායමක් උපයාගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වුණා.

ශ්‍රද්ධා අවසන් වරට රංගනයෙන් දායක වූ 2014 වසරේ තිරගත වූ මොහිත් සූරිගේ "ඒක් විලන්" චිත්‍රපටයද, 2015 වසරේ තිරගත වූ රේමෝ ඩී සූසාගේ "එනි බෝඩි කැන් ඩාන්ස්" චිත්‍රපටයද, මේ වසරේ තිරගත වූ ශබීර් ඛාන්ගේ "බාගි" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි මෙලෙස වාර්තා අතරට පැමිණි චිත්‍රපට තුනයි.

ශ්‍රද්ධා රංගනයෙන් දායක තවත් එක් චිත්‍රපටයක් මේ වසරේ තිරගත වීමට නියමිත අතර, ඒ ෆර්හාන් අක්තාර්ගේ "රොක් ඔන්" දෙවැනි චිත්‍රපටයයි.

20160830Sharda-1