ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට 2009 වසරේදී පාකිස්තානයේ ලාහෝර් නුවරදී වෙඩි තැබූ ත්රස්තවාදීන් තිදෙනකු පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් මරණයට පත්ව ඇතැයි විදෙස් පුවත් වාර්තා කියයි.
එරට ත්රස්ත මර්දන දෙපාර්තමේන්තු වාර්තා අනුව ලාහෝරයේ මනාවාන් පෙදෙසේ ගොඩනැගිල්ලකට මුවාවී සිටි ත්රස්තයන් හත් දෙනකු පොලිසිය සමග පැයකට ආසන්න කාලයක් වෙඩි හුවමාරු කරගෙන ඇතැයි කියති.
වෙඩි හුවමාරුවේදී ත්රස්තයන් සිව්දෙනකු මිය ගොස් ඇති අතර පළා ගිය අනෙක් තිදෙනා සොයා පරීක්ෂණ අරඹා ඇතැයි කියති.
එරට පොලිස් වාර්තා අනුව සුබයිර් ආලියාස්, නායික් මුහම්මද්, අබ්දුල් වහාබ්, අද්නාන් අර්ෂාඩ් සහ අත්තිකර් රහුමාන් යන සිව්දෙනා ගැටුමේදී මියගොස් ඇති අතර ඉන් තිදෙනකු ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට වෙඩි තැබූ පිරිසට අයත් බව කියති.
අත්තිකර් රහුමාන් නමැත්තා 2008 වසරේ ලාහෝර් හි වෙළඳපොළකට එල්ලවූ බෝම්බ ප්රහාරයකට සම්බන්ධ ප්රධාන සැකකරුවෙකි.
2009 පෙබරවාරි මාසයේ දීපාකිස්තානය සමග ටෙස්ට් තරගයකට සහභාගී වෙමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම තරගය ආරම්භ කිරීමට පිටියට යමින් සිටි බස් රථය ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදුවූ අතර තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, තිලාන් සමරවීර ඇතුළු ක්රීඩකයන් කිහිපදෙනෙක් එම ප්රහාරයෙන් තුවාල ලැබූහ.