ශ්‍රීලනිප ඉතිහාසයට සෝමාරාමලා දෙන්නෙක් බර වැඩියි


( ජයන්ත සමරකෝන් ) 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  හිටපු නායිකා චන්ද්‍රකා මැතිනිය පක්ෂය නැවත වරක්  එක්සත් ජාතික පක්ෂය හා  යහන්ගත කිරීමට  සූදානම් වන  බවත්  ශ්‍රීලනිප  ඉතිහාසයේ සෝමාරාමලා දෙදෙනකු බර වැඩි බව ඇයට අමතක වී ඇති බව  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ඒකාබද්ධව  පවත්වන  මෙම ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව  මේ රටේ අනාගත ඉරණම තීන්දූ කරන ඓතිහාසික සිද්ධියක් වනු ඇතැයිද  එම මිත්‍රත්වය, බැදීම  රටපුරා  ව්‍යාප්ත කිරීම පක්ෂ දෙකේම එකම අරමුණ යැයිද   සඳහන් කළේය.
 
නාවල පාර, රාජගිරියේ පිහිටි  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පිහිටුවා ඇති ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේදී  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.


 
( ඡායාරූප සහ වීඩියෝ ගයාන් අමරසේකර)