ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරෙයි


(රංජන්  කස්තුරි)

2024 වසරේ  පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව  විභාගයේ    ප්‍රතිඵල මත   ජනප්‍රිය  පාසල්හි   6  ශ්‍රේණියට   සිසුන්   ඇතුළත්කර  ගන්නා    කඩඉම්  ලකුණු    විභාග   දෙපාර්තමේන්තුව    ඊයේ  (14)    නිකුත්  කළේය.

ශිෂ්‍යත්වය  සමත් සිසුන්ට ලැබී ඇති පාසල්  විභාග  දෙපාර්තමේන්තුවේ   https://g6application.moe.gov.lk/#/ සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකි  බවද   එම  දෙපාර්තමේන්තුව  කියයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත  පාසලක්  ලබාගැනීමට   සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩඉම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති  සහ  පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙන  බවද  එම  දෙපා ර්තමේන්තුව  සදහන්  කරයි.

සියලු අභියාචනා එම මාර්ගගත ක්‍රමය හරහා පමණක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු ය.