තවත් දින කිහිපයකින් රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිතව ඇති සංජය ලීලා බන්සාලිගේ %පද්මාවති^ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා එක්වීමට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර්ට අවස්ථාව ලැබී ඇත.
ඔහු මෙම චිත්‍රපටයේ එන "රාජා රාවල් රතන් සිං" චරිතයට පණ පොවන අතර, ඔහු මේ දිනවල එම චරිතයට ගැළපෙන පරිදි සිය ස්වරූපය සකස් කරගනිමින් සිටින බව සඳහන් වේ. මෙම චිත්‍රපටයේ එන "පද්මාවති" චරිතය සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් නිරූපණය කරනු ලබයි. ඇයට අමතරව පාකිස්තානු සිනමා නළු ෆවඩ් ඛාන්ද මෙහි චරිතයක් සඳහා දායකව සිටියි.
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය සැලසුම් කරන කාලයේදී දීපිකාගේ සිනමා පෙම්වතා ලෙස ඇයගේ සැබෑ පෙම්වතා වන රන්වීර් සිං යොදා ගන්නා බවට රාවයක් පැතිර ගියද මේ වනවිට එම චරිතයට නළුවෙක් යෝජනා වී නොතිබෙන බව සඳහන් වේ. පහත දැක්වෙන්නේ ෂාහිඩ් කපූර් මෙම චිත්‍රපටය සඳහා සිය ස්වරූපය වෙනස් කරගෙන සිටිනා ඡායාරූපයකි. මෙය ඔහු සිය ඉන්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කර තිබුණි.