සජබෙ සභාපති අස් වූ හේතුව කියයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ඉවත් වූයේ නවකයන්ට අවස්ථාව දෙන්නට බව සජබ කුරුණෑගල  දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ටිල්වින් වගේ ඔවුන්  හැමදාම අල්ලගෙන ඉන්නේ නැතැයිද මන්ත්‍රීවරයා කීය.

" හොඳට මතක තියාගන්න,බිංගිරිය ,උඩුබද්දාව සභාපතිවරු පත් වන්නේ සමගි ජන බලවේගයෙන්. ඒ වගේම පළාත් පාලන ආයතන තුන්සියෙන් සීයකට වඩා පත් වන්නේ සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂයෙන්. ලියල තියාගන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.