(අංජුල මහික වීරරත්න)
සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සහ අනෙකුත් අනීතික ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල 2007 අංක 07 සමාගම් පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත අංක SC/SD/92/2024 දරන ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ තීන්දුව මත පදනම්ව නීතිපති විසින් ලබා දෙන ලද උපදෙස් පරිදි නැවත සංශෝධනය කරනු ලැබ ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමටත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.