සරත් වීරසේකරගේ පෙත්සම කල් යයි


දැනට පවතින ආණ්ඩුව මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසත් , දැනට සිටින අමාත්‍යවරුන් , රාජ්‍ය අමතාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ගේ පත්වීම් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ඉල්ලා ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සෘජුවම පාර්ලිමේන්තුවේ කටයුතු වලට සම්බන්ධ කරුණක් බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ නලීන් පෙරේරා  යන මහත්වරුන් හමුවේ පෙත්සම සලකා බැලිණි.

පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය ලබන ඔක්තෝබර් 3 වැනිදාට කල් තබන ලදී.