සාලාව රෝහලටත් හානි


කොස්ගම හමුදා  කඳවුරේ  අවි  ගබඩාවේ පිපිරිම නිසා  සාලාව රෝහලට  දැඩි  අලාභ හානි  සිදු  වී ඇතැයි වෛද්‍ය ජේ.පී. සුබසිංහ මහතා කියයි.

‘ඊයේ (05) සවස 5.20 ට  පමණ දුම් නගින්න ගත්තා. එක පාරටම සද්දයක්  ඇහුණා. ඒ  එක්කම රෝගීන් කාර්ය මණ්ඩලය දිව්වා.මම ඇම්බියුලන්ස් එක කිලෝමීටරයක්  පමණ දුරින් ගෙනත් දැම්මා. මෝටර් රථය ගන්න එහාට  යන්න හැදුවා. එත් හමුදා  අංශ නිලධරින්  ඉඩ  දුන්නේ නෑ. අද උදේ රෝහලට  යන විට  රෝහලේ  ගොඩනැගිලි  වලට  විශාල හානි  වෙලා  තිබුණා. රෝහල යථා තත්ත්වයට  පත් කරන්න අඩු තරමේ  තව මාස හයක්වත් යනවා.’ ඔහු සඳහන් කරයි.