සැබෑ පෙම්වතුන්ගේ අලුත් චිත්‍රපටයක්


20160528Sidarth-1මේ වනවිට සෑබැ ජීවිතේද පෙම්වතුන් බවට පත්ව සිටින බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නළුනිළි යුවලක් වන සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ආලියා භාට් ලබන වසරේ තිරගත කිරීමට සැලසුම් කර ඇති 'ආෂික්‍යූ' තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා තෝරා ගෙන ඇති බවට තොරතුරු ලැබේ. මහේෂ් භාට්ගේ සිනමා නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් මේ වසර අගදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

'ආෂික්‍යු' පළමු චිත්‍රපටයේ පළමු වැන්න 1990 වසරේදී තිරගත වූ අතර, එහි රාහුල් රෝයි සහ අනූ අග්‍රවාල් රංගනයෙන් දායක වූ අතර, එය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ මහේෂ් භාට් විසිනි. 'ආෂික්‍යූ' දෙවැන්න 2013 වසරේදී තිරගත වූ අතර, එහි ආදිත්‍ය රෝයි කපූර් හා ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක විය. ආදායම් උපයා ගැනීම අතින් ඉහළ සාර්ථකත්වයක් ලැබු එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ භාට් පවුලේම සාමාජීකයෙකු වූ මෝහිත් සූරිය.

ආදායම් අතින් උපයා ගැනීමට සමත් වූ නිසාම 'භාට්' පවුල මේ වනවිට එහි තුන්වැනි නිර්මාණයට අතගසා ඇති බවට තොරතුරු සඳහන් වේ. භාට් පවුලේ මිණිපිරිය වූ ආලියා මෙහි ප්‍රධාන චරිතයට තෝරා ගැනීමද විශේෂත්වයකි. එමෙන්ම ආලියා සමගින් ඇයගේ පෙම්වතා වූ සිද්ධාර්ත් රංගනයෙන් දායක වෙන තෙවැනි චිත්‍රපටයද 'ආෂික්‍යු' තුන්වැන්න වේ. ඔවුන් දෙදෙනා මීට පෙර 'ස්ටුඩන්ට් ඔෆ්ද ඉයර්' හා මේ වසරේ ආදායම් ලැබීම අතින් සාර්ථක වූ 'සන් ඔෆ් කපූර්' චිත්‍රපටයහි රංගනයෙන් දායක වී ඇත.

20160528Sidarth-2 20160528Sidarth-3