සැරයන් හා කොස්තාපල් අනතුරු දෙකකින් මරුට


නත්තල් දින රාත්‍රියේ යතුරුපැදි අනතුරු දෙකකින් දංකොටුව පොලිසියේ සැරයන්වරයකු හා කොස්තාපල් වරයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. දංකොටුව බුජ්ජම්පොළ දි යතුරුපැදිය පාර අයිනේ බෝක්කුවක හැපී සැරයන් මියගිය බව ද නාරම්මල කුරුණෑගල පාරේ මී වැව දී යතුරුපැදිය පාර අයිනේ ගසක වැදී කොස්තාපල්වරයා මිය ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.