සිනමාවට සමුදී නැවතත් පැමිණි Diana Penty


2016-09-09-ent-22

2016-09-09-ent-24බොලිවුඩ් චිත්‍රපට අපට බොහෝ සෙයින් ලැදි බවක් පෙන්නුම් කරන්නේ ඒ සඳහා අප වැඩි නැඹුරුවක් දක්වනබැවිනි. එමෙන්ම මේවනවිට අප රටේ බොහෝදෙනා ආදරය කරන චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් මේ වනවිට බොලිවුඩයෙන් එළිදැක්වුණි. අප මෙන්ම බොහෝදෙනෙකු ආදරය කරන චිත්‍රපටයක් වන Cocktail චිත්‍රපටය බොහෝදෙනා මතකයේ තිබෙනවාද යන්න සැකයක් නොමැත. සයිෆ් අලිඛාන් සහ දීපිකා පදුකෝන් සමග තවත් ප්‍රධාන චරිතයක් වූ ඩයනාපෙන්ටි බොහෝදෙනාගේ අවධානය දිනාගත් රංගන ශිල්පියෙකි. 2012 වර්ෂයේදී එළිදැක්වූ Cocktail චිත්‍රපටයෙන් පසුව ඇය රංගන ක්ෂේත්‍රයෙන් ඉවත්වුණි. එයට හේතුව ඇය මේවනතෙක් සඳහන් නොකරයි. කෙසේ නමුත් ඇයට ආදරය කරන රසියකයන්ට සතුටුදායී පුවතක් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ඒ ඇය නැවතත් රංගනයෙන් දායක වන චිත්‍රපටයක් පසුගියදා එළිදක්වූබව කියන පුවතයි.

ඩයනා පෙන්ටි ක්ෂේත්‍රය හැඳිනගනු ලබන්නේ නිරූපිකාවක ලෙස කටයුතු කිරීමේදීය. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙනුයේ 2005 වර්ෂයේදීය. ඇයමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව උපාධිධාරිණියකද වෙයි. ඇය නිරූපණය ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වූයේ 2005 වර්ෂයේදී වුවත් 2011 වර්ෂයේදී ඉන් ඉවත්වේ. Elite Models India නම් විලාසිතා දැක්මෙන් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඇය ඉතාලි විලාසිතා දැක්මක් සඳහා 2006 වර්ෂයේදී ඉදිරිපත් විය. ඒ Nicola Trussardi සහ Gianfranco Ferré නම් විලාසිතා නිර්මාණකරුවන්ගේ විලාසිතා එළිදැක්වීම සඳහාය.

2011 වර්ෂයේදී රන්බීර් කපූර් ප්‍රධාන චරිතයෙන් දායක වූRockstar චිත්‍රපටය සඳහා ඇයට ආරාධනා කර තිබුණත් ඒ චිත්‍රපටය ඇය ප්‍රතික්ෂේප කර තිබුණි. ඉන්පසු ඇයගේ චරිතය වෙනුවට "නර්ගීද් ෆක්හිර්" යෝජනා විය. කෙසේ නමුත් ඇයගේ පළමු චිත්‍රපටය ලෙස ඇය දායක වූයේ 2012 වර්ෂයේදී තිරගත වූ Cocktail චිත්‍රපටයයි. ඉන්පසු ඇය වසර 04කට පසුව නැවත රංගනයෙන් දායක වන චිත්‍රපටය වන්නේ පසුගියදා එළිදැක්වූ "Happy BhagJayegi" චිත්‍රපටයයි. "මුදස්සාර් අසීස්" අධ්‍යක්ෂණ කළ මෙම චිත්‍රපටයේ ආදායම මේ වනවිට ඉන්දියානු මිලියන 399කි. මිලියන 180ක වියදමක් දරා නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණෙමින් පවතී.

ඇය දායක වූ පළමු චිත්‍රපටය ඔස්සේ ඇයට සම්මානයන් දෙකක සඳහා පාත්‍රවීමට අවස්ථාව හිමිවිය. ඒ 2012 වර්ෂයේදී පැවැත්වූ Vogue Beauty Awards සම්මාන රාත්‍රියේදී සහ UK Bollywood Cosmopolitan Awards සම්මානය රාත්‍රියන් දෙකෙහිදී ඇයට Best Debut සම්මානය සහ Female Debut සම්මානය සඳහා හිමිකම් කීමට අවස්ථාව හිමිවිය.කෙසේ නමුත් ඇය දායක වූ පළමු චිත්‍රපටයද ආදායම් අතරට පැමිණි අතර, දෙවැනි චිත්‍රපටයත් එවැනි වාර්තාවක් තබනු ඇති බව ඇයගේ විශ්වාසයයි.

 

2016-09-09-ent-23