සින්දු අස්සේ අසැබි බස් කීවැයි ගායකයාගෙන් ප්‍රශ්න කරයි


ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී රැප් ගායකයකු අසභ්‍ය වචන ප්‍රකාශ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් සහ ලේකම් ජානක වික්‍රමසිංහ කළ පැමිණිල්ලක් අනුව කොහුවල පොලිසිය අද (6) අදාළ ගායකයාගෙන් ප්‍රශ්න කළේය.

පැයකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.