(රන්ජන් කටුගම්පොල)
මොනරාගල සියඹලාණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමට ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා ගෙන ඇති තීරණය බල රහිතකරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය .
මෙමරිට් ආඥාව නිකුත් කරනු ලැබුවේ පරමාණ මහත්මිය විසින් ගොනු කොට තිබූ පෙත්සමක් ගාස්තු සහිතව විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි .
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු කවි මහේන්ද්‍රන් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීණ .
වගඋත්තරකරුවන් හැටියට මොනරාගල අධ්‍යාපන අධ්‍යක්ෂක හාර්ශනි සමීර ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඒ අමරදාස යන මහත්වරු ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති .