(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සංගීත විශාරද උපාධිය හැදෑරීම සඳහා පොල්ගස්ඕවිට සියඹලාගොඩ ප්‍රදේශයේ සංගීත පංතියකට සහභාගී වූ බාල වයස්කාර සිසුවියන්ට එහි ගුරුවරයා විසින් ලිංගික අවයව පෙන්වමින් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
පොල්ගස්ඕවිට සියඹලගොඩ ප්‍රදේශයේ 02 කණුව අසළ වසර 04 පමණ සිට පවත්වාගෙන යන සංගීත පංතියක් සඳහා 16 හැවිරිදි පාසැල් දැරිවියක් සංගීත විශාරද උපාධිය සඳහා ඇතුළත් කර තිබේ.
මීට පෙර එම ස්ථානයේ කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වුවද මාස කිහිපයක සිට තනි තනි වශයෙන් පන්ති පැවැත්වීමට එහි ගුරුවරයා තීරණය කර තිබුණි. ඒ අනුව සිසුවියන් තමන්ට නියමිත වේලාවේදී පන්තිය සදහා සහභාගී වන අතර මෙම සිසුවිය ද නියමිත දිනයේදී නියමිත වේලාවට පංතිය සඳහා සහභාගි වී තිබේ.
මෙම සිදුවීම දියණිය විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති බවද පොලිසිය කියයි.