සීඅයීඩීයත් කොස්ගම පරික්ෂණ අරඹයි


කොස්ගම හමුදා  කඳවුරේ  අවි  ගබඩාවේ පිපිරිම තවමත්  අවසන්  නැති බවත්  තැන තැන පිපිරිම් සිදුවන බවත්  හමුදා  අංශ කියයි.

පුපුරා  නොගිය උණ්ඩ  පිපිරි  යෑමේ  අවධානමක්  ඇති  නිසා  එම පෙදෙසට  ඇතුළු නොවන ලෙස හමුදාව මහජනතාවගෙන්  ඉල්ලයි.

මෙම පිපිරිම ගැන යුද හමුදාව හා  රහස්  පොලිසිය වෙනම පරික්ෂණ අරඹා  ඇත.

කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ගින්න ගැන පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.