
(කේ බුද්ධික කුමාරසිරි)
දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් සොරකම් කරන ලද යතුරු පැදි අටක් සමගින් සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බන සීතාවක පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
ලද තොරතුරක් මත ආරක්ෂිත කැමරා ඔස්සේ සිදු කරන ලද විමර්ෂණයකදී මෙලෙස සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් සැකකරුවන් දෙනො සෝදිසි කිරීමේදී සංතකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 16999 ක් , මුදල් දහ හතර දහසක් සහ ජංගම දුරකතන කිහිපයක්ද අත් අඩංගුවට ගත් බවද එම කොට්ඨාසය පවසයි.
අදාල සැකකරුවන් දෙදෙනා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 30ක් 31 ක් අය වේ.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් භාවිතා කරන ලද යතුරු පැදි දෙකක්ද පසුව සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකිව ඔවුන්ගේ නිවෙස් වල තිබී තවත් යතුරුපැදි හයක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
මෙම යතුරුපැදි භාවිතයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළාදැයි වැඩි දුරටත් පරීක්ෂණ පැවැත්වේ.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණය සඳහා ඇහැලියගොඩ පොලිස් ස්ථානයට භාරදී ඇති අතර වැඩිදුර පරීක්ෂණය ඇහැලියගොඩ පොලිසිය විසින් සිදු කරන අතර ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

