( වී. ඒ. නිශ්ශංක සහ ගයාන් සූරියආරච්චි)
සිදුව ,අමන්දොළුව අංක 5 බේස්ලයින් පාරේ මරීනා මාවතේ පිහිටි නෙවාසිකාගාරයක ඇඳක් මත ඝාතනය කර දමා තිබූ කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇතැයි සීදුව පොලීසිය කියයි.
එලෙස ඝාතනය ලක්ව සිටි කාන්තාවගේ මුහුණ ප්‍රදේශයට තියුණු ආයුධයකින් දෙකට වෙන්වන තරමට යම්කිසි කෙනෙක් කොටා ඇතැයිද සීදුව පොලිසිය විසින් පවසයි.
ඇය 43හැවිරිදි එක්දරු මවක් වන හේරත් මුදියන්සේලාගේ ෂිරෝමි පුෂ්පලතා වන බවට හඳුනාගෙන ඇත.
මරණකාරිය වසර දහයකට ආසන්න කාලයක් වෙළඳ කලාපයේ ආයතන කීපයක රැකියාවේ නියුතුව සිට මේ වනවිට වෙළඳ කලාපයට අනුයක්ත මෑන් පවර් ආයතන වලට සම්බන්ධ වී රැකියාවේ නියුතුව සිටන කාන්තාවකි.