බම්බලපිටියේ රෙදිපිලි ව්‍යාපාරික මොහොමඩ් සකීර් සුලෙයිමාන් පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියන සිද්ධියට අදාල සැක කරුවන් 7දෙනා අද (02) කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක් දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ඇතිව නැවත අපරාධ කොට්ඨාසයට රැගෙන යනු ලැබූහ.
සුලෙයිමාන්ගේ මළ සිරුර මාවනැල්ල හෙම්මාතගම තිබී පසුගිය දා හමු විය.
ඔහු පැහැර ගත් මෝටර් රථය කොළඹ අපරාධ කොට්ඨාසයට බාරයට ගැණිනි.
ජායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර
ජායාරූප - ඉෂාන් සංජිව