(සනත් ගමගේ)
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
හුංගම වේල්ල හරහා ගලා බසින කච්චිගල් ආර උතුරායෑම හේතුවෙන් ප්‍රධාන මාර්ගය කොටසක් ජලයෙන් යටවි ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
කච්චිගල් ආර ආරම්භවන ඇඹිළිපිටියට ආසන්න ප්‍රදේශවලට පැවැති තද වැසි හා මහ වැලි කලාපයේ ජලය පහත්බිම්වලට ගලායෑම හේතුවෙන් කච්චිගල් ආර හුංගම වේල්ල ආසන්නයේ දි උතුරා යෑම සිදු වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
කච්චිගල් ආර මුහුදට ගලා බසින කළමැටිය මෝය විවෘතව ඇති හෙයින් ජලය වේගයෙන් බැස යෑම සිදුවන නිසා ජලගැළිම් තත්ත්වය අඩුවන බවද එම ඒකකය කියයි.