මිනිස්සුන්ට කරදර එන්නෙ කිය කිය නෙවෙයිනෙ. ඔන්න ළඟදි දවසක මාතර පැත්තෙ ෂූටිං ඉවරවෙලා නළු නිළි පිරිසක් කොළඹට බස්සන්න එහෙන් වෑන් රථයක් පිටවුණාලු. වෑන් එකේ ඉඳලා තියෙන්නෙ අලුත් නළු නිළියො හත් අට දෙනෙක්. කැබ් සර්විස් වෑන් එකක් නිසා කලබලයක් නැතුව කට්ටිය ඇවිත් තියෙන්න අධිවේගී මාර්ගයේ.
ඔන්න පානදුර කිට්ටුවෙනකොටම වාගේ වෑන් එකේ ශිල්පිනියන් දෙන්නෙකුට වොෂ්රෑම් යන්න හදිසියක් ඇතිවෙලා.
ඩ්රයිවර් ඇහුවලු ඒ වනවිට රූ බෝවී තිබුණු නිසා කොළඹට යනකල් ඉවසන්න පුළුවන්ද කියලා. කොහෙත්ම බැහැයි කියපු නිසා ගැලනිගම පිවිසුමෙන් වාහනය එළියට දාලා දැන් හොඳ හෝටලයක් හොයනවලු වැඩේ කරන්න.
රූ වී තිබුණ නිසා අහන්න කෙනෙකුත් නැහැල්ලු. කොහොම හරි රවුම් කීපයක් ගහලා පුංචි හෝටලයක් හොයාගත්තලු හොඳ වොෂ් රෑම් එකක් තියෙන. දැන් වෑන් එක ආපහු හැරිලා ඇවිත් නැවතත් අධිවේගී මාර්ගයට දැම්මලු. වෑන් එකේ කට්ටියටත් නින්ද ගිහිං. එකපාරටම වෑන් එකේ රියදුරැට ඇතුළෙ කෙනෙක් කෑ ගහනවා ඇහුනලු.
‘අයියෙ අයියෙ මේ කොහෙද යන්නෙ අපි වැලිපැන්න පහුවෙලා නේද ආවෙ.’
බැලින්නම් වෑන් එක ආපහු යන්නෙ මාතර පැත්තටලු.