හරිනි ’’ඉඟි’’ බලන්න යයි


(අංජුල මහික වීරරත්න)

පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ සරසවිය (SIBA) මගින් සංවිධානය කළ "ඉඟි" නර්තන ප්‍රසංගය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි. 

SIBA සරසවිය 2016 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සංකල්පයකට අනුව දේශීය නර්තන සම්ප්‍රදායන් ඉදිරි පරම්පරාවට රැකදීම අරමුණු කරගනිමින් ඉදිවූවකි.

මෙම ප්‍රසංගය  උඩරට, පහතරට හා සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්තනාංග  හා ඉන්දියානු නර්තන අංග රාශියකින්ද  වර්ණවත් විය.

මෙම නර්තනාංග සහ බෙර වාදන අංග සියල්ල පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ  සරසවියේ (SIBA) සිසුහු  ඉදිරිපත් කළහ.