හැංඟෙන්න ගිය බව කියන ව්‍යාපාරිකයා පොලිස් කටට වැටේ


පසුගිය 4 වැනිදා ත්‍රීකුණාමලයේ දී අතුරුදන් වූ කියන මෙහොමඩ් නස්රීන් (35) අද (07) උදේ බලංගොඩ හල්දුමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව ත්‍රීකුණාමල පොලිසිය කියයි. මොහු බසයකින් හල්දුමුල්ලට යන බව ලද තොරතුරක් අනුව පොලිසිය මග රැක සිට ඔහු සොයා ගත් බවත් ඔහු ණය බරින් බේරීමට ඕනෑකමින්ම සැඟවීමට උත්සාහ ගත්තේ දැයි පොලීසිය පරීක්ෂණ අරඹයි.

රුපියල් කෝටියක් රැගෙන  ත්‍රීකුණාමලයේ රන් බඩු වෙන්දේසියකට ගොස් සිටිය දී ඔහු පැහැගත් බව ඔහුගේ පියා ත්‍රීකුණාමල පොලිසියට කියා ඇත.

බණ්ඩාරගම ව්‍යාපාරිකයා රුපියල් 50,000ක් සහ බිස්කට් පැකට්ටුවක් මල්ලේ දමාගෙන ත්‍රිකුණාමලයට ගිය බවට වැදගත් සාක්කි ලැබී ඇතැයි ද ඒ අනුව ඔහු රුපියල් කෝටියක් රැගෙන රන් බඩු වෙන්දේසියට ගිය බවට ඔහුගේ පියා බණ්ඩාරගම පොලිසියට කළ පැමිණිල්ල ගැන පොලිසිය පරීක්ෂණ අරඹයි.

ව්‍යාපාරිකයා මුලින්ම ත්‍රිකුණාමලයේ සිට යාපනයටද යාපනයෙන් වව්නියාවට හා කොළඹ ට පැමිණ කොළඹ සිට බදුල්ල බසයෙන් හල්දුම්මුල්ලට යද්දී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

පොලිසිය නොමග යැවීම අසත්‍ය ප්‍රකාශ කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

DSC09842 vlcsnap-2016-09-07-10h56m29s132 vlcsnap-2016-09-07-11h02m28s144