හිටපු ජේඑම්ඕ ගේ පෙත්සම ඔක්තෝබර් මුල


හිටපු රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්පති ඇතුළු බලධාරීන් වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන  23  වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) තීන්දු කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ නලින් පෙරේරා විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.