හිටපු ඩීඅයිජී වාසුයි පුතයි නඩුවට නෑ


මාලබේ තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුවකු පැහැරගෙන ගොස් තුවාල කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු වන හිටපු ඩීඅයිජී වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය අද (5) වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

වාස් ගුණවර්ධන හා ඔහුගේ පුතා එම නඩුවට බන්ධනාගාරයේ සිට අද රැගෙන විත් නොතිබීම නිසා එම නියෝගය නිකුත් කැරිණි.  නඩුවට සැකපිට 8 දෙනකුට එරෙහිව නඩු පවරා ඇත.