හිරුණිකා අත්අඩංගුවට


(ජයමාල් චන්ද්‍රසිරි සහ ඉන්දිකා රාමනායක)

කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ  යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කන්තාවන් 14 දෙනකු සිටින බව ද පොලිසිය සඳහන් කරයි.

කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලය ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී එක් කාත්වක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.