(අංජුල මහික වීරරත්න)
තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"උපාධි සහතිකය ඉදිරිපත් කරන්නැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මගෙන් ඉල්ලීමක් කළා.මා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික හෙට උදේට මේ සභාවට ඉදිරිපත් කරන්නට අදහස් කරනවා.
උපාධි සහතිකය පමණක් නොවේ.ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි සජිත් ප්‍රේමදාස මහතා කීය.