(රෝෂන් තුෂාර)
හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් රේගුවට හොරෙන් ලියාපදිංචි කළේ යැයි කියන සුඛෝපභෝගී වාහන 19 ක් වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අල්ලස් කොමිසමට අද (25) නියෝග කළාය.
මිට්සුබිෂි වර්ගයේ මොන්ටේරෝ වාහන 09 ක් හා ටොයෝටා වි 8 ජීප් රථ දහයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි.
එම වාහනවල වත්මන් හිමිකරුවන් වන ව්‍යාපාරිකයන්ගේ නම් ලිපින සහ වාහන අංක අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.