(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය ඉදිරියේදී තවත් දරුණු ලෙස කඩා වැටීමට ලක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
තමා සමගි ජන බලවේගයෙන් ඉවත් වූයේ නායකයාගේ තිබෙන දුර්වලතා නිසා බවද ෆොන්සේකා මහතා සඳහන් කළේය.
සරත් පොන්සේකා මහතා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
"සමගි ජන බලවේගය කඩා වැටිලා තියෙන්නේ.ඉදිරියට අනිවාර්යයෙන් තවත් කඩා වැටෙනවා.මම සජබෙන් ඉවත් වුනෙත් නායකයාගේ තිබෙන දුර්වලකම් නිසයි.මා පමණක් නොව පක්ෂයේ සිටි ප්‍රබලයන් රැසක් පක්ෂය හැරයාමට පටන් ගත්තා.මගෙන් පසුව පක්ෂ සභාපති ධුරය බාර ගත් ඉමිතියාස් බාකීර් මාකර් ද ගියා.ඒ පක්ෂය ප්‍රතිසංවිධානයට ලක් නොවුනොත් ඒ නායකයා සමඟ ඉදිරි ගමනක් නෑ.ඒ නායකයා සමග ඉතිරි වී සිටින ටික දෙනාටත් ඉදිරියේදී සාර්ථක දේශපාලනයක් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ.
ඒ වගේම එතුමාට මේ රටේ නායකත්වය බාර ගන්න ශක්තියක් තිබෙනවා කියා මා විශ්වාස කරන්නේ නෑ " යනුවෙන්ද ෆොන්සේකා මහතා කීය.