අද සමාජයේ බොහෝ විට දැකිය හැක්කේ බොහෝ උදවිය, විවිධ පුද්ගලයන්, විවිධ තනතුරු දරන අය තමන් විසින් කළයුතු දේ පසෙක තිබියදී තමන්ට අයත් නොවන, නොකළ යුතු දේ කිරීම බවත් එය අද සමාජයේ ඛේදවාචකයක් බවට පත්ව ඇති බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
පොල්වත්ත ශ්‍රී අග්ගාරාමාධිපති නින්දානේ වජිරඥාන හිමියන්ට ශ්‍රී බුද්ධදත්ත වංශාවතං සිරිධම්ම වංශාලංකාර යන ගෞරව නාම සහිතව ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුනායක ධූරය පිරිනැමීමේ උත්සවයට අද (12) එක්වෙමින් ජනපති එසේ කීවේය.
දොඩම්පහළ චන්ද්‍රසිරි කල්‍යාණවංශ මහ නිකායේ මහා නායක හිමියන් මූලාසනය හෙබවූහ.
දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් ද එහි වූහ.