‘අවතැන් කඳවුරුවල ලක්ෂයකට මාස හයෙන් ඉඩම්‘


අවතැන් කඳවුරුවල ජීවත් වන ලක්ෂයකට ආසන්න පිරිසකට මාස හයක් ඇතුළත නිවාස සඳහා ඉඩම් ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීයැයි ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කරයි.

එය අභියෝගාත්මක ඉලක්කයක් බව ද ජනපති සඳහන් කළේය.

ප්‍රංශ පුවත් සේවය සමග පැවැති සාකච්ඡාවේදී ජනපති ඒ බව කියා ඇත.