‘ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකුණන්න හදනවා‘


‘රාජ්‍ය සම්පත් විකුණා දැමීමේ වැඩපිළිවෙළක් මේ හවුල් ආණ්ඩුව පටන් අරන් තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩු කාලයේ වංචා දූෂණවලට ලක්වූ ඒවා කියලා බොරු කියනවා. පාඩු ලබන ආයතන ලාබ ලබන තත්ත්වයට පත් කරන්න ආණ්ඩුවට වුවමනා නෑ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (29) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘නැගෙනහිර පළාතේ තිබෙන හොඳම වරාය පෞද්ගලික අංශයට දෙන්න පිඹුරුපත් හදමින් ඉන්නවා. මෙය ඉතා පැරැණි ලංකාවේ ගැඹුරුම වරායවලින් එකක්. පිහිටීම ඉතා හොඳයි. වරාය අධිකාරිය සතු මේ වරාය කැබිනට් අනුමැතිය අනුව නොවේ මේ දෙන්න හදන්නේ. අපේ රටේ ඔලුවිල් හා හම්බන්තොට වරාය හුරතල් ව්‍යාපෘති බව කියන්න ඕනෑ. මේවා ලාබ ලබන්නේ නෑ‘  යැයිද ඔහු කීය.

web_829DSC02129