රජයේ ඇමැතිවරුන් හා නිලධාරීන් කරන වැරැදි සම්බන්ධයෙන් නිහඬව නොසිට නිසි පියවරක් ගන්නැයි ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටින බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අද (2) මරදානේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
වත්මන් දේශපාලන පරිවර්තනයට දායකවූ පුරවැසි සංවිධාන කටයුතු කරන්නේ ආණ්ඩුව සතුටුවන දේ කිරීමට නොව ජනතා න්‍යාය පත්‍රය ආරක්ෂා කිරීමට බවද ඔහු කීවේය.