බම්බලපිටියේ ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ ආදුරුප්පු වීදියේ මාළු කඩයක පුද්ගලයකු හා සේදවත්තේ නාටාමියකුගෙන් ද පොලිසිය සැකපිට ප්‍රශ්න කරගෙන යයි.
හය දෙනකු පමණ මේ ඝාතනයට හවුල් වන්නට ඇතැයි ද කැති මිටකින් හෝ යකඩයකින් කන ළඟට මුලින්ම පහරදී ඇතැයි ද ඉන්පසු දෑත් හා දෙපා බැඳ කටට ප්ලාස්ටර් ගසා ඇතැයි ද කියති.
කුලී රියකින් මාවනැල්ලට ඔහු රැගෙන යද්දී කටේ ප්ලාස්ටර ගලවා රුපියල් කෝටි 5ක කප්පමක් ඔහුගේ පියාගෙන් ඉල්ලා සිටීමට ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන ඔහුගේ ගණන් හිලව් හැදූ පුද්ගලයා උත්සාහ ගෙන ඇතැයි ද එහෙත් ඒ වනවිට ඔහු මියගොස් ඇතැයි ද කියති.
තම පුතාගැන හරි තොරතුරක් දෙන කෙනකුට රුපියල් ලක්ෂ 50ක ත්‍යාගයක් දෙන බව සුලෙයිමාන්ගේ පියා පසුව පොලිසියට කියා තිබිණි. සිරුර මාවනැල්ලේ හෙම්මාතගමට රැගෙන යද්දී ඝාතනයට හවුල් පිරිසක් රඹුක්කන දක්වා ත්‍රී රෝද රථ වැනි වාහනවලින් ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මාවනැල්ලේ දී ඔහුගේ දුරකථනය ගිනිගොඩකට දමා පුළුස්සා ඇතැයි ද කියති. රහස් පොලිසිය් විශේෂ කණ්ඩායමක් අද වැදගත් තොරතුරු කිහිපයක් සොයා හෙම්මාතගමට ගොස් සිටී.