(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් , රැගෙන කටුනායක ගුවන් තොටුපොළට කුඩා දරුවෙකු ද සමඟ පැමිණි ඉන්දීය ජාතික යුවළක් අද (27) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
වයස අවුරුදු 30 ක් පමණ වයසැති මෙම යුවළ සමඟ ඔවුන්ගේ හය හැවිරිදි දරුවාද කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි . ඔවුන් අද (27 ) දහවල් තායිලන්තයේ බැංකොක් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .
ඔවුන් රැගෙන ආ ගමන් මළු දෙකක් තුළ , චොකලට් ඇසුරුම් තුළ ඔතා මෙම කිලෝ ග්‍රෑම් දෙකක් වන මත්ද්‍රව්‍ය තොගය සඟවා ගෙන පැමිණ තිබුණි .