‘කේ.පී ගැන පොලිස් පරීක්ෂණ හරි නෑ‘


කොටි සංවිධානයේ වත්මන් නායකයා හැටියට සැලකෙන කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ගැන තමන් සෑහීමකට පත් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (30) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ගෙන් පසුව එල්.ටී.ටී.ඊ නායකයා ලෙස සැලකෙන කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා හේරත් මහතා ගොනු  කළ රිට් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය දැනුම් දෙන ලෙස මීට පෙර  අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.

ඒ පිළිබඳ කරුණු තහවුරු කිරීම ලබන 25 වැනිදා අධිකරණයට දන්වන ලෙසට අභියාචනාධිකරණය පෙත්සම්කරුට නියෝග කළේය.

කේ.පී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ අද  කැඳවිණී.