‘ජනතාව ඉවත් කරන්න පොලිසියෙන් යෙදෙව්වා‘


කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් සිදුවූ හානි ගැන හෝ තුවාලකරුවන් ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නැතැයි වැඩ බලන පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවසීය.

හමුදා කඳවුර අවට වැසියන් ඉවත් කිරීමට පොලිසියේ සැලකිය යුතු පිරිසක් යොදවා ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.

විටින් විට ඇසෙන ශබ්දය නිසා අවට වැසියන් බියට පත් වන්නට ඇතැයි ද ඔහු සඳහන් කළේය.