![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_7eab2a9496.jpg)
ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා නිවේදනය කිරීමට පෙර ඡන්ද විමසීමෙන් ජය ලැබුවේ කවුදැයි තහවුරු කිරීම සඳහා විගණනයක් කරන බව ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ නිලධාරීහු අද (6) නිවේදනය කළහ.
මැතිවරණයකදී ඡන්දය ගණනය කරන යන්ත්‍රවල යම් ගැටලු සහ වැරැදි සිදුවූයේ දැයි සොයා බැලීම සඳහා ජෝර්ජියා ජනපදය මීට කාලයකට පෙර නව ජනපද නීතියක් හඳුන්වා දුන් අතර ඒ අනුව අදාළ විගණනය සිදුවනු ඇතැයි පැවසේ.
ජෝර්ජියා ජනපදයේ මැතිවරණ නිලධාරීන් උපුටා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ද හිල්’ පුවත් වෙබ් අඩවිය ඒ පිළිබඳව වාර්තා කර තිබිණි.
ඒ.එෆ්.පී./රොයිටර්
055