‘ටික් ටොක්‘ පෙම්වතා දැරිය රවටා හදි කරලා


(බී.ජී. චතුරංග)

අනුරාධපුර ඇලයාපත්තුව  ප්‍රදේශයේ වයස අවුරුදු 14ක බාල වයස්කාර පාසල් දැරියක් "ටික් ටොක්" සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ලිංගික අතවරයට ලක් කර ඇතැයි පොලීසිය කියයි.

නවය වසරේ ඉගනුම ලබන මෙම දැරිය, පාසලට නොපැමිණෙන තරුණයකු සමග ගොස් පසුව දින පාසලට පැමිණ සිටින බවට, විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය කියයි. 

"ටික් ටොක්" සමාජ මාධ්‍ය මඟින් හඳුනා ගත් රත්නපුර ප්‍රදේශයේ පදිංචි එම තරුණයා සමඟ දැරිය  ඇති කරගත් ප්‍රේම සබඳතාවක් මත  දැරිය විසින් සැකකාර පෙම්වතාට   ඇයගේ නිරුවත් ඡායාරූප  යවා ඇති බව පොලිසිය කියයි. 

අනතුරුව එම සැකකාර පෙම්වතා  එම ඡායාරූප 'ෆේස්බුක්' වෙත මුදා හරින බවට දැරියට තර්ජනය කර බිය ගන්වා, කුරුණෑගල ප්‍රදේශයට ගෙන්වා ගෙන මෙම ලිංගික අතරවරයට  ලක් කර ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.